ටිකට් නොදෙන දුම්රිය නිලධාරීන්ගේ ‘ටිකට් කපයි’
දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර ලබා දෙන කවුළුවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු පවසයි.
ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුළුවල සේවය කරන නිලධාරීන්ට ආරක්ෂිත උපකරණ ලබාදී ඇති බැවින් ගැටලුවක් මතු නොවන බව ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ආරක්ෂිත උපකරණ සහ ක්‍රමවේදයක් නොමැති බව ප්‍රකාශ කරමින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පෙරේදා (17 වැනිදා) සිදු නොකිරීමට නිලධාරීන් පියවර ගන්නා ලදී.
නමුත් කොටුව, මරදාන, මහනුවර යන දුම්රිය ස්ථානවල නිලධාරීන්ට අවශ්‍ය මුඛ ආවාරණ, විෂ බීජ හරණ ද්‍රව්‍ය ලබා දුන් බවත් අද (19 වැනිදා) වන විට අනෙකුත් දුම්රිය ස්ථානවලට ද ඒවා ලබාදීමට පියවර ගන්නා බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අවධාරණය කර සිටියි.
උදයජීව ඒකනායක
