ටික්ටොක් හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් මාට්ටු
LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු අන්තර්ජාලය ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වත්තල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවටගෙන ඇත.
25 හැවිරිදි සැකකරු ටික්ටොක් නැමැති මාධ්‍ය හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සැකකරුගේ මුල් පදිංචිය මුලතිව් බවත් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් අනාවරණය වී තිබේ.
විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්‍රවෘත්ති ඔහු විසින් නිර්මාණය කර ඇති බවට ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී තොරතුරු හෙළිවී ඇත.