ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිස්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් දියතලාවෙන් සොයාගැනේ
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් දියතලාවේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිස්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් සොයාගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් පුද්ගලයකු සහ ඔහුගේ පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර දියතලාව පොලීසිය හා දියතලාව ගුවන් හමුදා කදවුරේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.