ඩයස්පෝරාවෙන් සාම හමුදාවට බාල්දියක්
දෙමළ ඩයස්පෝරාවේ බලපෑම මත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදා නිලධාරින්ට නිශ්කාෂණ ලබා නොදීම නිසා ලෙබනනය හා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යාමට නියමිත හාරසීයක හමුදා කණ්ඩායමකට මාස ගණනක් තිස්සේ බලා සිටීමට සිදු වී ඇත.
2009 වසරේ මානුෂික මෙහෙයුමට පෙර එම ප්‍රදේශවල රාජකාරිවල නිරත වූ භට කණ්ඩායම් වෙත නිශ්කාෂණ ලබා නොදීමේ හේතුව මත මෙම ගැටලුව උද්ගත වී ඇත.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යන සෙබළුන්ගේ නිශ්කාෂණ වාර්තා ලබා දීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට භාර කර තිබුණේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය මගින්ය. දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව මත එම කාර්යය ඉටුව තිබුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් මෙම කණ්ඩායම්වලට නිශ්කාෂණ ලබා දීම ප්‍රමාද කරමින් ඇත්තේ ඔවුන් යුද්ධයට දායක වූවන් බව පෙන්වා දෙමිනි.
ශ්‍රී ලංකා හමුදාවන්ට ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හෙයින් නිශ්කාෂණ වාර්තා ලබාදීම ප්‍රමාද වන බව මානව හිමිකම් කොමිසම පෙන්වාදෙන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
මේ හේතුවෙන් ලෙබනනයට දෙසීයක කණ්ඩායමක් හා මාලිවලට 200 ක කණ්ඩායමක් යැවීමට වසර දෙකක් තිස්සේ ප්‍රමාද වීම හේතුවෙන් රජයට විදේශ විනිමය එන ආදායම් මාර්ගද ඇහිරී ගොස් ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා