ඩී.අයි.ජී. බිරිඳ පොලිසියට බිල දමා අධිවේගයට පොත පෙරළයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සිය සැමියාගේ රාජකාරි ගිණුමට බිල්පත් බැරවන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් බිමන් ගිය කාන්තාවක පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ අරඹා ඇත.
වසර දෙකක් තිස්සේ ඇය මෙම ක්‍රියාවේ යෙදී ඇති බව හෙළිව තිබේ. එම කාලයේදී රුපියල් අසූඅටදහසක බිල්පත් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ගෙවා ඇත. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමග අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් නිලධාරිවරයා මැදිහත්ව අදාළ මුදල ගෙවා දමා පරීක්ෂණ යටපත් කරන ලෙසට බලපෑම් කර ඇති බව වාර්තා වේ.
මධුභාෂණ