ඩී. ඒ. රාජපක්ෂ නඩුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ නිදහස්
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිතා කිරීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
ඔහුට පනවා තැබු විදේශ ගමන් තහනම ද ඉවත් කරන ලෙස එහිදී නියෝග කෙරුණි.
අධිකරණය භාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට එහිදී මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ ය.
