ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් ඇතුළු 5දෙනෙකු දිවයිනට
මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් රෝයන් ඇතුළු පස්දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඔවුන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර මේ වන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද සඳහන් කළේ ය.
මාදුකරේ මධූෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් මේ වන විට දිවයිනට එවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13 කි.