ඩුබායි යැවීමට සුදානම් කළ කසළ තේ තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
ඩුබායි රාජ්‍ය වෙත ශ්‍රී ලංකා තේ නාමය යටතේ ආනයනය කිරීමට කසල තේ සුදානම් කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ රහසිගත තේ කර්මාන්ත ශාලාවක් වටලා කිලෝ එකොලොස් දහසක කසල තේ පොලිස් විශේෂ කාර්ය බලකාය අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි වෙත යැවීමට මෙම කර්මාන්ත ශාලාවේ සිට කසල තේ ලොරියක් කොළඹ බලා යාමට සුදානම් වෙද්දී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලසි පරීක්ෂක නදීක සිල්වාට ලද තොරතුරක් මත ලොරියක් සමඟ කසල තේ කිලෝ හාරදහසක් අද උදැසන අල්ලාගෙන ඇත.
එහි සිටි රියදුරුගෙන් හා ගොලයගෙන් ප්‍රශ්න කරීම් වලදී ලද තොරතුරු මත අම්බලන්ගොඩ කන්දෙදෝව පිහිටි කර්මාන්ත ශාලාව ගැන හෙළිවීමෙන් පසු එය වටලා ප්‍රවාහනයට සුදානම් කරමින් තිබු කසල තේ කිලෝ 11000ක් සොයාගෙන තිබේ.
මෙහි සේවකයන් 12දෙනෙකු සිට ඇති අතර එහි ගබඩා භාරකරු අත්අඩංගුවට ගෙන තිබේ. වැටලිමත් සමඟ එහි හිමිකරු ප්‍රදේශය මගහැර ගිය බවට විමර්ශනඅරඹා ඇත.
කිසිදු බලපත්‍රයක් නොමැතිව රහසිගතව ඉඩමක් තුල මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී ඇත.
වැටලීමට පෙරදින එනම් 15 වනදා මෙම ගබඩාවෙන් අඩි 40ක කසල තේ කන්ටේනරයක් රට යැවීමට පිටව ගොස් ඇත.
තිස්ස රවින්ද්‍ර පෙරේරා

