ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ මොහොමඩ් අෆ්රිඩී CCD අත්අඩංගුවට
ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ දෙදෙනාගෙන් 22 හැවිරිදි මොහොමඩ් අෆ්රිඩී ඉන්හාම් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොහොමඩ් අෆ්රිඩී ඉන්හාම් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.
ඔහු සමග ඊයේ මෙරටට පිටුවහල් කෙරුණු පියල් පුෂ්පකුමාර නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
22 හැවිරිදි මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පියල් පුෂ්පකුමාර දෙමටගොඩ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.