ඩුබායි වලින් පිටුවහල් කළ මොහොමඩ් සිද්ධික් CID ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැරේ
ඩුබායි රාජ්‍යයෙන් දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් ප්‍රශ්න කිරීම්වලින් පසු අද අලුයම මුදා හැර ඇති බව වාර්තා වෙයි.
අපරාධවලට සම්බන්ධ නැති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වීම හමුවේ ඔහු මුදා හැර ඇති බව පොලීසිය සඳහන් කරන අතර
මොහොමඩ් සිද්ධික් සමග මෙරටට පැමිණි ලංකා රජිත පෙරේරා වරෙන්තුකරුවෙකු බව අනාවරණය වී ඇත.
එම සැකකරු මේ වන විට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.