News

ඩුබායි සිට මෙරටට පිටුවහල් කල පිරිසගෙන් CIDය තවමත් ප්‍රශ්න කරයි – ඒ අතර මධුෂ්ගේ බාප්පත් සිටියි

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව තම භාරයට ගත් සැකකරුවන් හයදෙනොගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ මෙම සැකකරුවන් 06දෙනා මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අද අලූයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත්තේ අලූයම 4.45 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි ඔවුන් අතර මධුෂ්ගේ බාප්පා මෙන්ම ඥාති සහෝදරයෙකුද සිට ඇත.

බාප්පා සයිමන් හේවගේ ලෙස හඳුනාගෙන ඇති අතර ඥාති සොහොයුරා නිලාන් රොමේෂ් සමරසිංහ නැමැත්තෙකි.

මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවේ පසුවූ 15 දෙනෙකු මීට පෙර දිවයිනට පැමිණි අතර, අද අලූයම පැමිණි මෙම 6 දෙනාද සමඟ එම පිරිස 21 දක්වා ඉහළ යනවා.