News

ඩෙංගු මර්දනයට අලුත් වැඩක්

ඩෙංගු මදුරුවා මර්දනය කිරීමට, වන්ද්‍යාකරණයට ලක් කළ පිරිමි මදුරුවන් ලක්ෂයක් පළමුවරට පරිසරයට මුදාහරින බව කැලණිය විශ්වවිද්‍යාලයේ ‘අනුක’ වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය මේනකා හපුගොඩ ‘අරුණ’ට පැවසුවාය.

මෙම මදුරුවන් එළැඹෙන 29 වැනිදා පළමු වරට ගම්පහ කඩගම්මුල්ල ප්‍රදේශයේ දී පරිසරයට මුදා හරින බවද ඇය සඳහන් කළාය.

වඳභාවයට ලක් කළ පිරිමි මදුරුවන් පරිසරයට මුදාහැරි පසු ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියේ දී දමන මදුරු බිත්තරවලින් කීටයන් බිහිනොවන බව මහාචාර්ය මේනකා හපුගොඩ පවසයි.

එය ප්‍රදේශයේ ඩෙංගු පාලනය කළ හැකි සාධනීය පියවරක් බවත් මෙහි ප්‍රතිඵල මාස තුනක පමණ කාලයක් ඇතුළත බලාපොරොත්තු විය හැකි බවද මහාචාර්යවරිය සඳහන් කළාය. මදුරුවන් රාගම වෛද්‍යපීඨයේ මදුරු කීටාගාර තුළදී වන්ද්‍යකරණයට ලක් කළ බව මහාචාර්ය මේනකා හපුගොඩ වැඩිදුරටත් පවසයි. එය ප්‍රදේශයේ ඩෙංගු පාලනය කළ හැකි සාධනීය පියවරක් බවත් මෙහි ප්‍රතිඵල මාස තුනක පමණ කාලක් ඇතුළත බලාපොරොත්තු විය හැකි බවද මහාචාර්යවරිය සඳහන් කළාය. මදුරුවන් රාගම වෛද්‍ය පීඨයේ මදුරා කීටාගාර තුළ දී වන්ද්‍යකරණයට ලක් කළ බව මහාචාර්ය මේනකා හපුගොඩ වැඩිදුරටත් පැවසුවාය.

වරුණි පෙරමුණ