ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසාගේ දරුවන් තිදෙනකු කොළඹ සිදුවූ පිපිරීමෙන් මරුට
ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරවලින් ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසා වන ඇන්ඩර්ස් පෝල්සන්ගේ දරුවන් සිව් දෙනාගෙන් 03දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පෝල්සන් , ඔහුගේ බිරිඳ ඈන් ඇතුළු පවුලේ සාමාජිකයන් සියලු දෙනා නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව ඩෙන්මාර්ක මාධ්‍ය සඳහන් කළ අතර අල්මා , ඇස්ට්‍රිඩ් , ඇග්නස් සහ ඇල්ෆ්‍රඩ් යන ඔවුන්ගේ දරුවන් සිව් දෙනාගෙන් දිවිබේරාගෙන ඇති දරුවා කවුරුන්දැයි, යන්න මෙතෙක් හෙළිවී නොමැත.
ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන් බ්‍රිතාන්‍යයේ දෙවන විශාලතම පෞද්ගලික ඉඩම් හිමියා වන අතර ඔහුට ස්කොට්ලන්තයේ 1% වඩා වැඩි භූමි ප්‍රදේශයක් අයත් බව ද සඳහන් වෙයි. ෆෝබ්ස් සඟරාවට අනුව ඇන්ඩර්ස් පෝල්සන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 7.9 ක් බව වාර්තා වෙයි.