ඩොලර් බිලියනයක චීන ණය අත ළඟ
චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාව පළකර ඇති ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි ණය මුදල නිදහස් කිරීම සම්බන්ධ සාකච්ඡා යහපත් ප්‍රගතියක් අත්කරගෙන ඇත.
ඒ සම්බන්ධ අවසන් එකඟතාවටද මාස කිහිපයක් ඇතුළත පැමිණිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය. ඊයේ (5 වැනිදා) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ආරම්භයේදී ඇමරිකානු ඩොලර් බිලියන 01 සිට 02 දක්වා වූ ණය මුදලක් පිළිබඳ චීනය සමග සාකච්ඡා කළ අතර අවසානයේ එය ඩොලර් බිලියන 1.3 ක් පමණ විය හැකි බවද ඔහු පැවසීය. මෙම ණය මුදල් ලබන අප්‍රේල් මාසය දක්වා පාර්ලිමේන්තුවේ අනුමත කර ඇති අතුරු සම්මත ගිණුමේ ණය සීමාව තුළ පවතින බවද නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මෙලෙස චීනයෙන් මුදල් ලබා ගැනීම දේශීය පොලී අනුපාතය පාලනය කර ගැනීමට උපකාරී වන බවත්, රජය විසින් පසුගිය ජනවාරි මාසයේදී රුපියල් බිලියන 120 ක ණය ලබා ගැනීම් බැංකු පද්ධතිය වෙතින් සිදුකර ඇති බවත් මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
නයන තරංග ගමගේ
