ණය ගෙවාගන්න බැරි අයට මහ බැංකුවෙන් සහන
මූල්‍ය සහ කල්බදු (ලීසිං) සමාගම්වලින් ලබාගත් ණය හා අනෙකුත් පහසුකම් ආපසු ගෙවා ගත නොහැකිව අසීරුතාවට පත්ව සිටින පුද්ගලයන්ට ‘ණය සහන’ ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
රජයේ උපදෙස් මත මේ වන විට මෙම ණය සහනය රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ගනුදෙනුකරුවන්ට ලබා දී තිබේ. පෞද්ගලික මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ඉහළ පොලී ප්‍රතිශතවලට හා සහන ලබාගත් පුද්ගලයන්ගෙන්ද දිගින් දිගට ලැබුණු ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙසේ එම ණය සහනය එම ආයතනවලටද දීර්ඝ කළ බව මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඒ අනුව මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් ණය මත පහසුකම් ආපසු ගෙවාගත නොහැකිව අසීරුතාවට පත්ව සිටින පුද්ගලයන් 2020 මාර්තු 31 දිනට පෙර ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දිය යුතුය. කෙසේ වෙතත් ණය ගිවිසුම් උල්ලංඝනය වී තිබීම, වත්කම් පවරා ගැනීම් සහ අධිකරණ කටයුතු සඳහා යොමුවී තිබීම යන තත්ත්වයන් ඇති ගනුදෙනුකරුවන්ට මෙම ණය සහනය වෙනුවෙන් අයැදුම් කළ නොහැකි බව මහ බැංකුව ප්‍රකාශ කරයි.
මේ වන විට ලබාගත් ණය හෝ වෙනත් පහසුකම්වලින් 50% ක ප්‍රාග්ධනයක් ආවරණය වන පරිදි වාරික ගෙවා ඇති ගනුදෙනුකරුවන්ට අදාළ ඉතිරි වාරික ගෙවීමේ කාලය වසර 04ක කාලයක් දක්වා දීර්ඝ කර ගැනීමේ හැකියාව මෙමගින් ලබාදී ඇත.
නයන තරංග ගමගේ
