තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි
අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 ක් රන්න, තංගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ජල සැපයුම අත්හිටුවන්නේ රන්න ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියාවක් හේතුවෙන් වන අතර අදාළ කාලය තුළ තාලුන්න, කට්ටකටුව, රේඛාව, පලාතුඩුව යාය 18, යාය 19 ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.
