තංගල්ල නගර සභාවේ අයවැය දෙවනවරටත් පරාදයි
2019 වර්ෂය සදහා වන තංගල්ල නගර සභාවේ අයවැය අද (19) දෙවැනි වරටත් වැඩි ඡන්ද තුනකින් යළි පරාජයට පත්වුණා.
තංගල්ල නගරසභාවේ සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා විසින් අයවැය වාර්තා මෙලෙස දෙවන වරට ඉදිරිපත් කරනු ලැබුවා.
අයවැයට පක්ෂව සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරු ඡන්දය ප්රකාශ කළා.
පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්රීවරුන් හත් දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරුන් දෙදෙනා, ජනතා විමුක්ති පෙරමුණෙහි එක් මන්ත්රීවරයෙක්ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළා.
ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්රීවරයෙක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියේ නැහැ.
තංගල්ල නගර සභාවේ 2019 වර්ෂය සදහා වන අයවැය වාර්තාව පසුගිය 5 වැනිදා පළමුවරට සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ අතර එහිදී ද අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්වුණා.