News

තණමල්විලදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් 30ක් රෝහලේ

වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිවංගුව ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු තිස් දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම අනතුර අද(05) පස්වරුවේ සිදුව ඇති අතර මාතර සිට මොනරාගල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ වැල්ලවාය සිට තණමල්විල දෙසට ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් ගස් විසිනව දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු බව තණමල්විල පොලීසිය සඳහන් කරයි.