තණමල්විල සිදුවූ වෙඩි තැබීමකින් සුදු හකුරු සුමිත් මරුට
තණමල්විල ප්‍රදේශයේ අද (10) පස්වරු 12.20ට පමණ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
යතුරුපැදි 2කින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ මීට මාස 4කට පෙර ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු වන සුදු හකුරු හෙවෙත් වසන්ත යන පුද්ගලයා බවයි පොලීසිය සදහන් කළේ.
ඔහු සමඟ සිටි තවත් අවුරුදු 22ක් වයසැති තරුණයෙක් වෙඩි වැදි හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසනවා.