තදාසන්න නගර කීපයකට ගුවන් පාලම්
කොළඹ හා තදාසන්න නගරවල පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් ස්ථාන කිහිපයක ගුවන් පාලම්, උමං සහ ගුවන් පදික මාරු ඉදිකිරීමට තීරණය කර තිබේ.
ඒ අනූව කොහුවල සහ කොම්පඤ්ඥ වීදියේ බාලදක්ෂ මාවත, උත්තරානන්ද මාවත සහ විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලම් ඉදිකිරීමට යෝජිතය, එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුත්තෙට්ටුගල, යාංගල්මෝදර, අලව්ව සහ මහව යන නගරවලද ගුවන් පාලම් ඉදිකිරීමටත් මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ ප්‍රදේශයේ ගුවන් පාලම ඉදිකිරීමට මේ වන විට තීරණය කර ඇති බවත් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
එමෙන්ම රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව, මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT), රාජගිරිය ජනාධිපති විදුහල, කොට්ටාව, රත්නපුර, මොරටුව වේල්ස් කුමර විදුහල හා වේල්ස් කුමරි විදුහල් අසල උමං පදිකමාරු ඉදිකිරීමට තීරණය කර ඇත, බොරැල්ල කාසල් රෝහල අසල ගුවන් පදික මාරුවක් ඉදිකිරීමට ද කටයුතු කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අධික රථ වාහන තදබදයන් සහිත නගරවල එම රථ වාහන තදබදය පවතින නාගරික ප්‍රදේශ මගහැර, නගරයෙන් පිටතට යන රථ වාහන සඳහා පහසුකම් සැලසීමට අතුරුමාර්ග (By Pass Road) ඉදිකිරීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයක් බවද රත්නපුර, වරකාපොළ, රාගම යන ප්‍රදේශවල එම මාර්ග ඉදිකරන බවද ප්‍රකාශ කෙරිණි.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ 2021 වසරේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතීන් පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමකදීය.