News

තනිව තරග කරනවාද ශ්‍රීලනිප තීරණය හෙට

පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන තරග කිරිමට අවධානය යොමු කර තිඛේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පැවසුවේ.

පොලොන්නරුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජයරත්න මහතා සඳහන් කළේ හෙට පැවැත්වීමට නියමිත පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබද නිවරදි තීරණයක් ගනු ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව මැතිවරණයට මුහුණ දී ආසන 25 ක් පමණ ජයගත හැකි බවත් පසුව ජනාධිපතිවරයාට සහය දීමට කටයුතු කරන බවත් පේෂල ජයරත්න මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශ හේතුවෙන් මේ තත්වය උදා වී ඇති බව ද පේෂල ජයරත්න මහතා පැවසීය