News

තමිල්නාඩු ප්‍රාන්තයේ ගැඹුරු වළක සිරව සිටි දෙහැවිරිදි සුජිත් ජීවිතක්ෂයට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැඹුරු වළක සිරව සිටි දෙහැවිරිදි සුජිත් විල්සන් නැමති දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු ඉකුත් සිකුරාදා සවස 5.30 ට පමණ සිය මිතුරන් සමග සෙල්ලම් කරමින් සිටියදී වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා හාරන ලද මෙම වලට වැටී ඇත.

අඩි 26 ක පමණ ගැඹුරක සිරව සිටි සුජිත් කඹයක් යොදාගනිමින් එළියට ගැනීමට දැරූ උත්සාහයේදී තවත් අඩි 70 ක් පමණ ගැඹුරට වැටි ඇති අතර දරුවා මුදාගැනීමට විශාල මෙහෙයුමක් අරඹන විට ඔහු එම වලෙහි අඩි 88 ක පමණ ගැඹුරක සිරව ඇත.

වල තුළ සිරව සිටියදී මියගිය දරුවාගේ සිරුරෙන් දුඟඳ හැමීම හමුවේ ඔහු මියගොස් ඇතැයි තහවුරු කරගත් බව
ඉන්දීය බලධාරීන් සඳහන් කළේය.