තලවාකැලේ දුම්රිය ස්ථානය අසළ පිරිමි පුද්ගල මළ සිරුරක්
තලවාකැලේ දුම්රිය ස්ථානය අසල තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් අද (27) උදෑසන 6.00 ට පමණ තලවාකැලේ පොලීසිය මගින් සොයා විසින් සොයාගෙන තිබෙනවා.
මෙම මළ සිරුර වයස අවුරුද 65-70 ත් පමණ අයෙකුගේ විය හැකි බවට පොලීසිය පවසනවා.
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.