තල්දෙන සිර කඳවුරේ සිරකරුවන් දෙදෙනෙකු පළා යයි
බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇත.
හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් දඬුවම් විඳිමින් සිටි දෙදෙනෙකු මෙලෙස පළා ගොස් ඇති අතර ඔවුන් 19 හැවිරිදි හා 37 හැවිරිදි ඉඹුල්ගොඩ හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.
පළා ගිය එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බදුල්ල පොලීසිය එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
