News

තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගැනේ – සමස්ත ආසාදිතයින් 156යි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගෙන තිබේ.

අද (03) දිනය තුළදී පමණක් මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 5ක් වේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 156ක දක්වා ඉහළ යනු ඇති.

කොරෝනා ආසාදනයවීමෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් සිව්දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් රෝහල්ගතව ආසාදිතයින් 124ක් ප්‍රතිකාර ලබන බවයි.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයින් 24දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.