විදුලිය කප්පාදුව තවත් මාසයක් සිදුවෙයි
තවත් මසක් පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
මේ මාසය අවසානය වන විට විකල්ප බලශක්ති හරහා පවතින අර්බුදයට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව එහි ලේකම් ප්‍රකාශ කළ අතර ඉදිරියේදී සම්පූර්ණයෙන්ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාල රාමුවට අනුව ඊයේ සිට විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් විදුලිය කපා හැරීම සිදුවේ.