News

තවත් රටවල් 08ක් සදහා සංචාරක තහනමක්

කොරෝනා වෛරසය හේතුවෙන් තවත් රටවල් 08ක් සදහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර ඇත.

ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය යන රටවලින් මෙරටට මගීන්ට පැමිණීම තහනම් කර ඇත.

මෙම රටවල් සඳහා ලබන 15 වන දින රාත්‍රියේ සිට මෙම සංචාරක තහනම පැනවීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

ලබන 15 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවල්වල සිට කිසිදු පුද්ගලයෙකුට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබානොදෙන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ.