තවත් ලාංකික සිසුන් 176 දෙනෙකු චීනයෙන් දිවයිනට පිටත් කෙරේ
චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් හාරසිය අසූහතර දෙනාගෙන් තවත් එකසිය හැත්තෑහයක් ඊයේ (28 වැනිදා) රාත්‍රියේ චීනයේ සිට මෙරටට පිටත් වූ බව චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ. යෝගනාදන් ‘අරුණ’ට පැවසීය.
මෙම සිසුන් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අමතරව චයිනා එයාර් වේස් හා ඊස්ටන් චයිනා ගුවන් සමාගම්වලින්ද සහන මිලට ටිකට්පත් ලබාදීමට චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වී ඇත.
චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වන විට එහි රැඳී සිටි සිසුන් ගණන අටසිය හැටහතරකි.
මෙයින් වුහාන් ප්‍රදේශයේ සිරවී සිටින සිසුන් තිස්තුන්දෙනා හැර සියලුදෙනා මෙරටට එවීමට කටයුතු සලසාදී තිබේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
