තවත් 182කට කොරෝනා
මෙරට තවත් පුද්ගලයින් 182දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනය වූ සමස්ත පුද්ගල සංඛ්‍යාව 84792ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් ආසාදිතයින් 2982දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, ආසාදිතයින් 81321දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 489කි.