News

තව්හීද් ජමාත් සංවිධානයේ සැකකරුවෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දෙන්න ගිය පුද්ගලයා මාට්ටු

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා හට අල්ලස් මුදලක් ලබා දීමට යම් පුද්ගලයෙක් උත්සහ කර තිබේ.

ඒ පසුගිය අප්‍රේල් මස 21 දින කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ පිපිරීමට අදාළව ජාතික ජව්හීද් ජමාත් සංවිධානයේ සැකකරුවෙකු වන අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නැමති පුද්ගලයා මේ වන විට රැඳවුම් නියෝග මත සිටී.

ඔහුගේ සමීපතමයෙක් බවට සැකකරන හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වු මොහොමඩ් ෂිෆාන් නැමැති පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් රැඳවුම් බාරයේ සිටින පුද්ගලයා නිදහස් කර ගැනීම වෙනුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දීමට කැමැත්ත පළ කර ඇති අතර රුපියල් ලක්ෂ 2 හමාරක මුදලක් අද(08) උදෑසන පොලිස් ස්ථානයේ දී ලබා දීමට යෑමේ දී මෙම පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.