තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්රික් සංවිධායක 21 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් එළඹෙන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (07) නියම කර ඇත.
එම සැකකරු අද බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබ ඇත.
මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
මෙහිදී මහේස්ත්රාත්වරිය අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ මෙම සැකකරු ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට අධිකරණයට බලයක් නොමැති බවය.
ඒ අනුව අදාළ සැකකරු ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද අධිකරණය නියම කළේය.