තහනම පැනවූයේ බැන් කී මුන්ගේ තනි කැමැත්තට – පාලිත කියයි
හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ප්‍රධානී බැන් කී මූන්ගේ පෞද්ගලික අවශ්‍යතාව මත පමණක් සකස් කරන ලද වාර්තාවක් පදනම් කරගෙන බව එම සංවිධානයේ ශ්‍රී ලංකා හිටපු නිත්‍ය නියෝජිත පාලිත කොහොන පවසයි.
එහි සඳහන් කිසිදු චෝදනාවක් මේ වනතුරු ඔප්පු වී නොමැති බවද ඔහු සඳහන් කරයි.
“ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව තිබෙන චෝදනා පදනම් කරගෙන තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ හිටපු ප්‍රධානී බැන් කී මුන්ට භාරදුන් වාර්තාවක් මතයි.
මෙම වාර්තාව ඒ අවස්ථාවේදීත් අපි ප්‍රතික්ෂේප කළා. වාර්තාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ වාර්තාවක් නෙවෙයි. එය පිළියෙල කළේ බැන් කී මූන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය පිණිසයි.
මෙහි තිබෙන කිසිම චෝදනාවක් අද වෙනතුරු ඔප්පු කරලත් නැහැ. ඔප්පු කරන්න වෑයම් කරලත් නැහැ. තහවුරු නොකළ චෝදනා මත කෙනෙකුට මෙවැනි අවහිරයක් පැනවීම ඉතාම ඛේදනීය කරුණක් ” බවත් හිටපු නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් අදහස් කළේය.
නයන තරංග ගමගේ
