ත්‍රස්ත ප්‍රහාරයට ලක්වු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද සිට යලි විවෘතයි
පාස්කු ඉරිදා දින සිදු වු ත්‍රස්ත ප්‍රහාරයට ලක්වු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද(07) සිට බැතිමතුන්ට සිය ආගමික වතාවත් සිදු කිරීමට විවෘත කරන බව ශ්‍රි ලංකා නාවික හමුදාව සඳහන් කරයි.
උදෑසන 7.00සිට රාත්‍රී 7.00දක්වා කාලය තුල ආගමික වතාවත් සිදු කළ හැකි අතර දිව්‍ය පුජාවන් නොපැවැත්වෙන බවද නාවික හමුදාව සඳහන් කරයි.
දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා විශේෂ වැඩ පිළිවෙළක් සකසා ඇතැයිද ඒ අවට දැඩි ආරක්ෂාවක්ද යොදවා ඇතැයි නාවික හමුදාව සදහන් කළේය.