News

ත්‍රිවිධ හමුදාවේ 5848 ක් ජාතික දින සැමරුමට

හෙට (04) පැවැත්වෙන ජාතික දින සැමරුම් උළෙලෙහි ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5848 ක් යොදවා ඇති බව යුද හමුදාව සඳහන් කරයි. ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරින් 3872 දෙනෙකු ආචාර පෙළපාලිය සදහා එක්වීමට නියමිතය.

ගුවන් හමුදාව නියෝජනය කරන නිලධාරින් 932 දෙනෙකු එක්වන අතර, නාවික හමුදාව නියෝජනය කරමින් හමුදා නිලධාරින් 1044 දෙනෙකු ආචාර පෙළපාලියට එක්වන බවට හමුදාව සඳහන් කරයි.

මීට අමතරව,පොලීසිය නියෝජනය කරමින් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් නිලධාරින් 920 ක් එක්වීමට නියමිතය.

ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් එහි සාමාජිකයින් 302 දෙනෙකු මෙවර ජාතික දින ආචාර පෙළපාලිය සදහා එක්වන අතර ජාතික දින යුද හමුදා ආචාර පෙළපාලි පුහුණු පෙරහුරු හේතුවෙන් අද පෙරවරු 6.30 සිට ගාලූමුවදොර පිටිය ආශ්‍රිත මාර්ග කිහිපයක් වසා තබන බව පොලීසිය පවසයි.