තාවකාලික අනියම් රාජ්‍ය සේවකයන්ට ස්ථිර පත්වීම්
සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවා ගත් අයගෙන් ඒකාබද්ධ සේවයට බඳවා ගත හැකි සේවකයන් සඳහා ස්ථීර පත්වීම් ලබාදීමට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
එවැනි සේවකයන්ගේ තොරතුරු රැස් කර ගන්නා ලෙස ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් එස්.ආලෝක බණ්ඩාර සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඊයේ (18 වැනිදා) දැනුම් දී තිබේ.
කාර්යාල සේවක සහ රියැදුරු සේවයේ නියුතු සේවකයන්ට මෙහිදී ස්ථීර පත්වීම් හිමි වෙයි. ඔවුන් දින 180ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය.
අවශ්‍ය සුදුසුකම් සපුරන සේවකයන්ට ස්ථීර විශ්‍රාම වැටුප් සහිතව පත්වීම් ලබාදීමට නියමිතය.
අවශ්‍යතා සම්පූර්ණ කළ නොහැකි සේවකයන්ට රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල යටතේ ස්ථීර පත්වීම් ලබාදීමට නියමිත බව ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් එස්.ආලෝක බණ්ඩාර පවසයි.
ප්‍රථමයෙන් තාවකාලික පත්වීම් ලිපියක් නිකුත් කර මාස තුනක් ඉක්ම යාමට පෙර විධිමත් පත්වීම් නිකුත් කිරීමටද නියමිතය.
උදයජීව ඒකනායක
