News

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීම අද (06) සිට ආරම්භ වන මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එය මාර්තු 16 වැනි දින දක්වා සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇති.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි.

එම අයදුම්පත් තමන්ට අදාළ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරිවරයා වෙත භාර දිය යුතු වේ.