තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාදයි
තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371කදී තැපැල් ඡන්දය ගණනය කිරීම පවා ඉන් 103ක ගණන් කිරීමේ කටයුතු අවසන් කර දිස්ත්‍රික්ක ප්‍රතිඵල වගුගත කිරීමේ කාර්යාල වෙත යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නමුත් කිසිදු දිස්ත්‍රික්කයක සියලුම තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රතිඵල දිස්ත්‍රික් මධ්‍යස්ථාන වෙත ලැබී නොතිබුණ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 1179කදී සිදුකෙරෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබී ඇත්තේ රාත්‍රී 10.00 පසුව බැවින් එම මධ්‍යස්ථානවල ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වේ.
සාලිය කුමාර ගුණසේකර
