News

තැපැල් ඡන්ද පොළේ ඡායාරූප ගත්තොත් අවුරුද්දක් හිරේ

තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේදී රජයේ නිලධාරීන් සිය ජංගම දුරකථන මගින් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළහොත් තදින් ක්‍රියාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේය.

මෙම වරද විධානයක් උල්ලංඝනය කිරීම යටතේ රුපියල් ලක්ෂ තුනේ දඩයකට සහ අවුරුද්දේ සිරදඬුවමකට යටත්වන බවද කියයි.

ගිය වසරේ රජයේ ගුරුවරියක් අහුවුණා. ඡන්ද පොළේදී ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කරගන්න. එය නීතියෙන් වරදක් යැයිද ඔහු පැවැසීය.

සාලිය කුමාර ගුණසේකර