News

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට අසනීප වෙන්න තීරණය කරයි

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ ඉල්ලීම් කිහිපයක් සහ මීට පෙර පොරොන්දු වූ විසදුම් ලබානොදීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.