තැපෑලත් ඩිජිටල් වෙයි
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට පිවිසෙමින් පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී නිලවශයෙන් ඊයේ (16 වැනිදා) ආරම්භ කෙරිණි.
ඒ අනුව රුපියල් 25 ක වටිනාකමින් යුත් පුද්ගල කාරක මුද්දරයක් QR කේතය සහිතව පළමු වරට ඊයේ නිකුත් කරන ලදී.
එම මුද්දරය සම්බන්ධයෙන් හෝ ඒ ආශ්රිත වැඩිදුර තොරතුරු එහි QR කේතය ස්කෑන් කර මුද්දර කාර්යාංශයේ ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.
එමෙන්ම විශේෂිත ආරක්ෂිත සලකුණක් සහිතව රුපියල් 500ක් වටිනා නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමද ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවිණි.
එම මුද්දරයේ කිසියම් ආරක්ෂිත සංකේතයක් සඟවා තිබෙන අතර එය යම් පුද්ගලයෙකු වැරදි භාවිතයකට යොදාගන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු හසුකර ගැනීමට එමගින් හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.