තැපෑලෙන් කොළඹට ගෙන් වූ මත්ද්‍රව්‍ය
ඉතියෝපියාවේ සිට මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ක් අඩංගු පාර්සල් කිහිපයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය පාර්සල් ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයෙක් පැමිණ නොමැති අතර මෙම පාර්සල් ඇනවුම් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ ය.
