News

තැපෑලේ අභ්‍යන්තර කටයුතු මසකට පසු අද අරඹයි

මසක කාලයක් නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමක් සිදුනොවන අතර නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව තැපැල් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.