News

තිවිරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට තුවාල

යාපනය,කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු හප්පා ඊයේ (14) රාත්‍රියේ වැලි ට්‍රැක්ටර රථයක් පළාගොස් ඇත.

කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු වැලි ජාවාරම වැටලීමට ගොස්යා සිටියදී මෙම අනතුර සිදු කළ බවයි යාපනය ආරක්ෂක අංශ පැවසූවේ

අදාළ අවස්ථාවේ වැලි පැටවු ට්‍රැක්ටර රථ රියදුරු පොලිස් නිළධාරීන් පැමිණ ඇති අයුරු දැක අදාළ පොලිස් නිළධාරීන් හප්පාගෙන අදාළ ස්ථානයෙන් පළාගොස් ඇත.

අනතුරින් පොලිස් නිළධාරියෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහල් හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කොට ඇති අතර, අනෙක් පොලිස් නිළධාරීන් තිදෙනාද තුවාල සිදු වී ඇත.

සිද්ධියට අදාළ ට්‍රැක්ටර රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.