කූඨ ලේඛන සැකසීමට එරෙහිව ගොනු කළ නඩුවෙන් තිස්ස නිදහස්
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අවසන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුවේ විත්තිකරු තිස්ස අත්තනායක මහතා නිදහස් කිරීමට නියම කළේය.
මෙම දැනුම් දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විරෝධය පළ කළ නොමැති අතර මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ වගකිවයුතු පුද්ගලයින් මාධ්‍ය ඉදිරියේ යම් ප්‍රකාශයක් සිදු කිරීමට පෙර එහි බරපතළ භාවය පිළිබඳ තේරුම්ගෙන ඒවා සිදු කිරීම වැදගත් වන බවය.
වත්මන් ජනාධිපතිවරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා පසුගිය ජනාධිපතිවරණය සමයේදී කූඨ ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා කරමින් මෙම
නඩුව ගොනු කර ඇත.