තුවක්කු හා පතුරම් තොගයක් සමඟ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු අත්අඩංගුවට
තුවක්කු දෙකක් හා පතුරම් තොගයක් සමඟ පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමාජිකයෙකු කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.
ආරක්ෂක අංශ පැවසූවේ වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පලෙයි කරන්තායි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු සතුව තිබි තුවක්කු දෙකක් හා පතුරම් 150 කට ආසන්න ප්‍රමාණයක්,තවත් ආයුධ තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවද ආරක්ෂක අංශ සදහන් කරති.
ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති බවද ආරක්ෂක අංශ පවසති.
ආරක්ෂක අංශ පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය