Top Story

තෙල් සංස්ථාවේ රැකියාවලින් සියයට දහයක් සංස්ථා සේවකයින්ගේ දරුවන්ට – ඇමති අර්ජුනගෙන් පොරොන්දුවක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩුවලින් සියයට දහයක කොටසක් මව්පිය පදනම යටතේ සංස්ථා සේවකයින්ගේ දරුවන්ට ලබා දීමට තීරණය කර ඇතියි ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ඊයේ 29 අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති ඛනිජ තෙල් සේවකයන්ගේ විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාව අද පවත්නා තත්වයට දියුණු වී ඇත්තේමේ දරුවන්ගේ මව්පියන් නිසා බවයි.