තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත්කිරීම අසාධාරණයි – ඇමැති ඩග්ලස් කියයි
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත්කිරීම අසාධාරණ බව ඊ.පී.ඩී.පී. නායක ඇමැති ඩග්ලස් දේවානන්දා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීම ආරම්භ වීමෙන් පසු තේරීම් කාරක සභාවට සාමාජිකයින්ගේ නම් ඉදිරිපත් කිරීමෙන් පසු දේවානන්දා තම විරෝධය පළ කළේය.
එක්සත් ජනතා නිදහන් සන්ධානය යටතේ දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, එස්.බී. දිසානායක, හා විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන්ගේ නම්ද එක්සත් ජාතික පක්ෂයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුර්දීන් හා රාවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ගේ නම්ද දෙමළ ජාතික සන්ධානයෙන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාත්, ජනතා විමුක්ති පෙරමුණෙන් විජිත හේරත් මන්ත්‍රීවරයාගේ නමද කථානායකවරයා ප්‍රකාශයට පත් කළේය.
කෙසේ වෙතත් සභානායක දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවට සාමාජිකයින් 07ක් හා විපක්ෂයට 5ක් වශයෙන් ලැබිය යුතු බවයි.
කෙසේ වෙතත් පක්ෂ ලෙස ගත කල ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයා පසුගිය මහමැතිවරණයෙන් ඊ.පී.ඩී.පී. පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුගිය ආණ්ඩුවේ තේරීම් කාරක සභාවට ද ඔහුගේ නම ඇතුළත් විය.
චමින්ද සේනාරත්න