News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම – ගාල්ල හා මාතර බස් ගාස්තු අනිද්දා සිට පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම, ගාල්ල සහ මහරගම, මාතර බස් ගාස්තු අනිද්දා සිට පහත දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

අනිද්දා සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් මෙම බස් සේවාවන් ආරම්භ කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළ අතර නව බස් සේවාව හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය සිදු වනු ඇති.

මහරගම , ගාල්ල අධිවේගී මාර්ග බස් ගාස්තුව ලබන පළමු වන දා සිට රුපියල් 20කින් පහත දමා ඇති අතර ඒ අනුව මාකුඹුර – ගාල්ල අතර නව මිල රුපියල් 420කි.

මහරගම,මාතර අතර රුපියල් 550ක් පැවති බස් ගාස්තුව අනිද්දා සිට රුපියල් 20කින් පහළ දැමෙන අතර මාකුඹුර ,මාතර නව ගාස්තුව රුපියල් 530ක් වනු ඇත.