දකුණු අධිවේගයේ කොටසක් හදිසියේ විවෘත කිරීමේ සැලසුමක්
ජනාධිපතිවරණය ආසන්නව පැවතිය දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ මාර්ගයේ කොටසක් විවෘත කිරීමේ සූදානමක් පවතින බවත්, එහි දී රැකියා ලබාදීමක්ද සිදු කෙරෙන බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් යවා ඇත.
ලිපිය යවා ඇත්තේ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසිනි.
සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම රැකියා උත්පාදනය සඳහා ද සිය සංවිධානයේ විරෝධයක් නොමැති වූවත්, ඉදිවෙමින් පවතින මාර්ගයක කොටසක් මැතිවරණයක් ආසන්නයේ දී විවෘත කිරීම දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් සිදුකෙරෙන්නේ ද යන්න පිළිබඳව සැකයක් මතුවන බවද එම ලිපියේ සඳහන් කර ඇත.
විවෘත කිරීමේ උත්සවවලින් යම්කිසි දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය වන්නේද, රැකියා ලබාදීම දේශපාලනික අර්ථයෙන් සිදුවේද යන කරුණු පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
සාලිය කුමාර ගුණසේකර
