දකුණු පළාත් සභාව උණුසුම් වෙයි
දකුණු පළාත් සභාවේ ඉදිරි වර්ෂය සදහා අතුරු සම්මත ගිණුමක් 27 දින පැවති දකුණු පළාත් සභාවට ඉදිරිපත් කිරීමේ දී ඇතිවුයේ උණුසුම් තත්වයකි.
දකුණු පළාත් සභාව සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා ශ්‍රවනාගාරයේ දී රැස්විය. කෙසේ නමුත් දකුණු පළාත් සභාවේ පරිපුරක ඇස්තමේන්තුව, හා අතුරු සම්මත ගිණුමට ජවිපෙ ජන්දය දීමෙන් වැලකි සිටය දී එජනිස හා එජාප ජන්දය ලබා දෙමින් ගිණුම් සම්මත කර ගත්තේ ගාලගෝට්ටියක් මැදය.
මෙහි දී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා විසින් ඉදිරි වර්ෂයට අයවැයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බැවින් ඉදිරි පළාත් සභාවේ නිල කාලය සදහා අවශ්‍ය කෝටි 1200 කට ආසන්න මුදලක අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව පවසා ඉදිරි මාස කිහිපය සදහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන ලදී.
මෙහි දී ජවිපෙ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා විසින් මෙහි දී මේ සදහා විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙම අතුරු සම්මත ගිණුම අද උදෑසන සභාවට ඉදිරිපත් කර අදම ඡන්දය විමසීම තුලින් මේ සම්බන්ධව කිසිදු අවබෝධයක් නොමැතිව ඡන්දය භාවිතා කිරීමට සිදුවන නිසා මෙය ලබන සභාවරායට කල් දමන ලෙස ඉල්ලීමක් කරන බවයි.